මහර ගැටුම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ 116ක් සටහන් කර ගනී
මහර බන්ධනාගරයේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ 116ක් සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (05) දිනය තුළ පමණක් ප්‍රකාශ 38ක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු සඳහා රාජකාරියේ නියුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංඛ්‍යාව 25දක්වා වැඩිකිරීමට පියවර ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
