දේශීය

අදත් ප්‍රදේශ රැසකට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දිවයින පුරා අහස වළාකුලින් බරව පවතිනු ඇති අතර මධ්‍යම කඳුකර ප්‍රදේශයේ, විශේෂයෙන් උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවති.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන තත්ත්වය තවදුරටත් දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවයි.

උතුරු, උතුරු මැද බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් පුත්තලම, මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?