දේශීය

සංචාරකයින්ට යාල ජාතික වනෝද්‍යානයට යාමට අවස්ථාව අහිමි වේ

යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයින් ඇතුලත් නොකරන බව වනජීවි නිලධාරීන් විසින් පවසා ඇත.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වාභාවික සම්පත් සුරක්ෂිත කර දෙන ලෙස රජයට බල කරමින් වනජීවි නිලධාරීන් වර්ජනයක නිරත වන බැවින් යාල වනෝද්‍යානයට සංචාරකයින් ඇතුලත් නොකරන බව ඔවුන් සඳහන් කර ඇත.

කතරගම කටගමුව පිවිසුම් දොරටුව,පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව,ගල්ගේ ප්‍රධාන පිවිසුම් දෙරටුව විවෘතව පැවතියද ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදු නොවන බව වාර්තා වේ. එම නිසා සංචාරකයන්හට යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වීමට අවස්ථාවක් නොමැති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *