රේස් පදින යතුරුපැදි සොයා රට පුරා මෙහෙයුම්
අද (07) සිට රාත්‍රී කාලයේ රේස් පදින්නන් සොයා රට පුරා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ විනෝදාශ්වාදය සහ සිය හැකියාවන් පෙන්වීම සඳහා යතුරුපැදි හා මෝටර් රථ ධාවනයේ යෙදීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බවයි.
මෙම වැටලීම්වලදී අනවශ්‍ය උපාංග සවි කර ඇති යතුරුපැදි වාහන, ශබ්ද දූෂණය ඇති කරන උපාංග සවි කර ඇති යතුරු පැදි සහ වාහන සහ අනවශ්‍ය ලෙස ආලෝකමත් කර ඇති වාහන සම්බන්ධයෙන් ද දැඩිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.
යම්කිසි අවස්ථාවක මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන ඉක්මවා කටයුතු කළ හැකි වන්නේ, ගිලන් රථ, ආපදා රථ, ගිනි නිවීමේ රථ සහ පොලිස් රේඩියෝ කාර් රථ සඳහා පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
මේ අතර ඊයේ (06) රාත්‍රීයේ කිඹුලාවල හංදිය සහ ජයවර්ධනපුර රෝහල ආශ්‍රිත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී යතුරුපැදි 24ක් පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට නියමිත වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
