ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම වේ

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අතරමග නතර කර තිබූ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත් වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් සංචාරය නැවත අරම්භ කිරීම සඳහා එංගලන්ත කණ්ඩායම ජනවාරියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා ඇත.

2021 ජනවාරි 3වන දින වරලත් ගුවන් ගමනක් හරහා එංගලන්ත කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර එය හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබැසීමට නියමිත වේ.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ (ඩබ්ලිව්ටීසී) කොටසක් වන තරග දෙකේ ටෙස්ට් තරග මාලාවේ නව කාලසටහන පහත පරිදි වේ.

  • 2021 ජනවාරි 05 සිට 09 දක්වා එංගලන්ත කණ්ඩායම් පුහුණුව MRICS, හම්බන්තොට
  • 2021 ජනවාරි 14 සිට 18 දක්වා 01 වන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය
  • 2021 ජනවාරි 22 සිට 26 දක්වා 02 වන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *