දේශීය

මැතිවරණ කොමිසම – පොලිස් කොමිසම අද වැඩ අරඹයි

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් අද (10) රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්කර ඇත්තේ, නිමල් ජී. පුංචිහේවා මහතා වන අතර අද උදෑසන 10.00ට මෙම සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

මේ අතර පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

ඒ අනුව පොලිස් කොමිසමේ කටයුතු ද අද උදෑසන සිට ආරම්භ වීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *