දේශීය

රටවල් දෙකකට ගුවන් ගමන් වාර වැඩි කෙරේ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

එළඹෙන 18 වනදා සිට සිංගප්පූරුව සහ මලයාසියාව වෙත ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ අනුව කොළඹ සිට සිංගප්පූරුව දක්වා මගී ගුවන් ගමන් වාර සතියකට තුන් වරක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

මීට අමතරව සෑම සිකුරාදා දිනකම මලයාසියාවේ ක්වාලාලම්පූර් සහ කොළඹ අතර සතිපතා ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ද නියමිතව තිබේ.

කොවිඩ් වෛරසය සඳහා වූ ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම්වලට යටත්ව අදාළ ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ඒ අනුව කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල පිහිටි ගුවන් ප්‍රවේශ පත්‍ර විකුණුම් කාර්යාලවලින් හෝ සංචාරක නියෝජිතයෙකු හරහා ගුවන් ගමනට පෙර ටිකට්පත් වෙන් කරවා ගැනීමට ගුවන් මගීන්ට හැකියාව පවතින බවයි.

ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගෝලීය සම්බන්ධ මධ්‍යස්ථානයේ 011 7 771 979 දුරකථන අංකය මඟින් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *