දේශීය

වැලිසර රෝහලෙන් කොවිඩ් ආසාදිතයෙක් පැනයයි

වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයෙකු ඊයේ (15) පස්වරුවේ රෝහලෙන් පළා ගොස් තිබේ.

මරදාන ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස පළාගොස් ඇති අතර ඔහු ක්ෂය රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගියදා වැලිසර ලය රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව සිදුකළ PCR පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සැකකාර රෝීයා සොයා ගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණ සිදු කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *