ගොකරැල්ලේ ව්‍යාජ රු.5000සේ නෝට්ටු ජාවාරමක් වටලයි
ගොකරැල්ල ගල්සේරුගොල්ලේදී පොලීසිය රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගොකරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම නෝට්ටු තොගය සොයා ගත් බව පොලීසිය පවසයි.
නෝට්ටු තොගය සමග මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 සහ 23ක් වූ දෙහිඅත්තකණ්ඩිය සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
