දේශීය

මම කාලි, ඔබවහන්සේගේ අම්මා – ධම්මික බන්ඩාර (VIDEO සහිතයි)

කොරෝනා මර්ධනය සදහා  සාර්ථක විසඳුමක් ලෙස තමන් සෑදූ පැණිය පූජා කිරීම සඳහා ධම්මික බන්ඩාර මහතා තම ආධාරකරුවන් පිරිවරා අනුරාධපුර ශ්‍රී මහා බෝධිය පුදබිමට පැමිණීමෙන් අනතුරුව උණූසුම් තත්වයක් ඇතිවුනා.

ඒ තමන්ගේ පැණිය ශ්‍රි මහ බෝධියට පූජා කිරීමට අවසර ලබා දෙන ලෙස අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමිගෙන් අවසර ඉල්ලීමත් සමගයි.

කෙසේ වෙතත් කොවිඩ් පැණිය ජය ශ්‍රී මහ බෝ සමිදුට පූජා කිරීම සඳහා උඩ මළුවට ඇතුළු වීමට ධම්මික බන්ඩාර මහතාට අවසර ලැබුනේ නැහැ. නමුත් ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ පහළ මළුවට ඖෂධය පූජා කිරීමට ධම්මික බණ්ඩාර මහතා හට අවසර හිමි වුණා.

පහළ මළුවට ඖෂධය පූජා කිරීමෙන් අනතුරුව නැවතත් අටමස්ථානාධිපති හිමියන් හමු වූ ධම්මික මහතා තමන් කාලි බවත් ධම්මරක්ඛිත හිමියන්ගේ අම්මා බවත් පැවසූ අතර ආවේගයෙන් හිමියන් අමතන්නට වුනා.

එම අවස්ථාවේදී අසල සිටි පිරිස ධම්මික මහතාව පාලනය කිරීමට උත්සාහ කළ අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධම්මික බන්ඩාර මහතා පැවසූවේ තමන්ගේ උපදෙස් පිළිපදින්නේ නැතුව ඇතැම් අය තම පැණිය පානය කරන බවයි.

තමන් කාලි වරමින් නිෂ්පානය කළ පැණියේ ප්‍රතිඵල ලබා ගැනීමට නම් මස් මාංශ වලින් මෙන්ම මත්පැන් සහ දුම්වැටි පානයෙන් තොරව දින 3ක් ගත කළ යුතු බවත් එසේ නොකර පැණියේ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි බවත් ධම්මික මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

වීඩියෝව නැරඹීමට මෙතනින් පිවිසෙන්න.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?