කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (19) පෙරවරු 09.00 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුවී ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව කොළඹ 01, 02,10 සහ 12 යන ප්‍රදේශවලට හෙට පෙරවරු 09.00 සිට 20 වන ඉරිදා අලුයම 03.00 දක්වා ජල සැපයුම් අත්හිටුවීමට නියමිතය.
එම කාලය තුළ කොළඹ 03, 04, 07, 08 සහ 09 යන ප්‍රදේශවලට ද අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
