දේශීය

බස්නාහිර පළාතෙන් පිටවන අයට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ

අද (18) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව කොඩිව් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පවසයි.

ඒ සඳහා ජංගම ඇන්ටිජන් පරීක්ෂක ස්ථාන යොදවා ඇති අතර බස් රථ ඇතුළු අනෙකුත් ප්‍රවාහන මාධ්‍යන් මගින් බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන මෙම පරීක්ෂණ සිදු කරන බවයි යුද හමුදාපති ලුතින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

එම පරීක්ෂාවේදී එක් පුද්ගලයෙකු හෝ කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් අදාළ රථයේ සිටින සියලු දෙනා ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *