එගොඩඋයන මාරක අනතුරේ යතුරුපැදිකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරක් සිදුකළ යතුරුපැදිකරු මේ මස 30 වනදා දක්වා අද (18) යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය දෙසැම්බර් 04 වනදා රාත්රීයේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරු වේගය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි ගැබිණි මව සහ ඇයගේ කුඩා දියණියන් දෙදෙනා මෙම අනතුරට ලක් වුණි.
එම අනතුරින් අවුරුදක් වයසැති සහ 7 හැවිරිදි දැරිවියක් එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර ඔවුන්ගේ මව බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
