Latestදේශීය

දේශපාලනඥයින් 40කට අල්ලස් දූෂණ ‌චෝදනා – විමර්ශන අරඹයි

(සුජිත් හේවාජුලිගේ)

අල්ලස් දූෂණ සහ අයථා ලෙස   වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයන් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව විවිධ දූෂණ චෝදනා යටතේ පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගත් සියලුම නඩු නැවත පැවරීමට   කඩිනමින් පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

නව විමර්ශන කොමිෂන් සභාව යටතේ  සියලු විමර්ශන සක්‍රියාකාරයෙන් සිදුකිරීමට විශේෂිත  වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කොමිසමේ නිලධාරිහු පෙන්වා දෙති.

එසේම රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලිසිය පත්ව සිටින බව වෙරිටේ රිසර්ච් ආයතනය  පවසයි.

ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන් බවද  එම ආයතනය සඳහන් කරයි.

දිවයිනේ වඩාත් කැපී පෙනෙන දුෂණ වංචා සිදුවන්නේ රාජ්‍ය අංශය තුළ බව පවසන එම ආයතනය  පොලිසියේ, පළාත් පාලනයේ, සහ නියාමකයන්ගේ රැකියා වලට සැලකිය යුතු බලයක් සහ අධිකාරයක් හිමිවීම ඊට හේතුව ලෙස සඳහන් කරයි.

වඩාත් පැතිර පවතින, වඩාත් පැමිණිලි කරනු ලබන සහ වඩාත් විනාශකාරී දූෂණ වංචා සිදුවන්නේ පොලිසිය හා රජයේ නිලධාරීන් අතින්  බවද එහි සඳහන්වේ.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?