Latestදේශීය

විදුර රනිල්ට බෑ කියයි

සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මේ වනවිට ඊලඟ මන්ත්‍රී ධුරය රැක ගැනීමේ ප්‍රබල අරගලයක යෙදෙමින් කිසිදු තීරණයක් ගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහට සහයෝගය දීම සහ ඉදිරි ප්‍රචාරක කටයුතු කිරීම වෙනුවෙන් කමිටුවක් පත්කර ගැනීමේ මූලික සාකච්ඡාවේදී ඔහු අතරමග නැගිට ගිය බව වාර්තා වී තිබේ. ප්‍රසන්න රණතුංගගේ මූලිකත්වයෙන් එම සාකච්ඡාව රහසිගතව සූදානම් කර තිබී ඇත. විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ඇතුළු මේ වනවිට යම් නිහඬතාවයක සිටින ඇමතිවරු සහ රාජ්‍ය ඇමතිවරු පිරිසක් වෝටර්ස් එජ් හෝටලයට රැස් කර රාත්‍රී සම්භාෂණයක් ද සහිතව සාකච්ඡාව සිදුකර තිබේ.

මුල් වටයේදී ම අදහස් ඉදිරිපත් කළ විදුර වික්‍රමනායක එම සාකච්ඡාවට රැස්වී සිටි අනෙකුත් පිරිසට ද ඔහුගේ ස්ථාවරය පැහැදිලි කර තිබේ. ඒ අනුව ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මීලඟ පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ අවස්ථාව උදාකර ගත හැකි ආකාරයට ක්‍රියා කළ යුතු බව ය. එම අදහස පිළිබඳව අනෙකුත් පිරිස ද කල්පනා කිරීම යහපත් බව පවසා ඔහු නැගිට ගොස් තිබේ.

අවසන් වරට පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප 147,958 ලබා ගෙන කළුතර දිස්ත්‍රික්කයෙන් පොහොට්ටු පක්ෂය නියෝජනය කරමින් වැඩිම මනාප සංඛ්‍යාව ලබා ගත්තේ විදුර වික්‍රමනායක ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?