දේශීය

වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද වියළි කහ තොගයක් සමඟ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ සිය නිවස තුළ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ වියළි කහ කිලෝග්‍රෑම් 1,950 ක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *