රත්මලානේ බේකරියක කොවිඩ් ආසාදිතයින් 23ක් වාර්තා වේ
රත්මලාන ප්රදේශයේ පිහිටි ප්රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවය කරන පුද්ගලයින් 23 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
එම කර්මාන්ත ශාලාව තුළ සිදුකරන ලද හදිසි රැපිට්ඇන්ටිජන් පරීක්ෂණයක දී ඊයේ (20) මේ බව තහවුරු වී ඇත.
වෛරස ආසාදිතයින් බවට තහවුරු වූ සියලු දෙනා එම කර්මාන්ත ශාලාවේ ගබඩා අංශයේ සේවකයින් බව වාර්තා වන අතර මේ වන විට ඔවුන් සියලු දෙනා නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
