දේශීය

අධික වර්ෂාවත් සමග මනම්පිටිය ගල්ලෑල්ල ජලයෙන් යටවෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පොළොන්නරුව දිවුලාන ඇල පිටාර ගැලීම හේතුවෙන් මේ වන විට පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල මනම්පිටිය අතර ප්‍රදේශය ස්ථාන තුනකින් ජලයෙන් වට වී තිබේ.

ඒ අනුව පොළොන්නරුව සිට මඩකලපුව දක්වා මාර්ගයේ කුඩා මෝටර් රථ ධාවනය තාවකාලිකව නතර කර තිබේ.

මනන්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *