දේශීය

අසිරිමත් නත්තල අදයි

ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ උප්පත්තිය සිහි කෙරෙන නත්තල කිතුණු ජනතාව අද (25) මහත් බැතියෙන් සමරන අතර නත්තල ලොවට ගෙන එන්නේ සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවුඩයයි.

අදින් වසර 2020 කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙර නිමිති පහළ කරමිණි.

ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටු කළේ අපරිමිත මෙහෙවරකි.

තමන්ට විමුක්ති මග දෙසූ ඒ ශාස්තෘවරයාගේ උත්පත්තිය ලක්ෂ සංඛ්‍යාත කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් භක්තියෙන්ය.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේව මෙහෙය ඊයේ ( 24) රාත්‍රියේ අති උතුම් වූ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් ඔන්ලයින් තාක්ෂණය භාවිතා කරමින් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *