දේශීය

කොල්ලුපිටියෙන් ගිය පුද්ගලයෙකුගෙන් බද්දේගම 7කට කොවිඩ් වැළඳෙයි

ඊයේ (24) ගාල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කළ බද්දේගම පදිංචි අයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමග සිදුකළ PCR පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි.

ඒ අනුව එම ආසාදිතයින් 7 දෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 39 ක් ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *