දේශීය

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ඊයේ (06) රාත්‍රී 10.00 සිට අද (07) රාත්‍රී 10.00 දක්වා මෙම නායයෑම් අවදානම් නිවේදනය බල පැවැත්වෙන බවයි.

බදුල්ල, රත්නපුර, මාතලේ, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දැදුරු ඔය, රාජාංගනය, වෙහෙරගල, මහවිලච්චිය, යෝධ වැව, නාලන්දා සහ තබ්බෝව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර තිබේ.

මේ හේතුවෙන් ජලාශ අවට පහත් බිම්වල ජනතාව වැඩි අවධානයක් යොමුකළ යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 05ක් සිදුව ඇති බවයි.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?