ක්‍රීඩා

දකුණු අප්‍රිකාව හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද

අද (26) දකුණු අප්‍රිකාව හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය සෙන්චූරියන් හි සුපර් ස්පෝට්ස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිත වේ.

ටෙස්ට් තරගාවලියක් සඳහා මාස 11 කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහාගීවන අතර කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්  කරගයේ ජය අපේක්ෂාවෙන් පසුවන බව කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල් ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරඟය සඳහා වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන කසුන් රාජිත ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වන බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුගිය වසරේදී දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතරපැවති ටෙස්ට් තරගාවලියේ දී දෙකට බිංදුවක් ලෙස සුවිශේෂි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *