හෙට හුදකලා තත්ත්වයෙන් මිදෙන හා තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවන ප්‍රදේශ
කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා බව පවත්වාගෙන යාම, ඉවත් කිරීම සහ අලුතින් පැනීම පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත.ඒ අනුව,
හෙට(28) උදෑසන 5.00 සිට පහත් සඳහන් ප්‍රදේශ හුදකලා බව ඉවත් කෙරේ
පොලිස් වසම්
- වේල්වීදිය පොලිස් වසම
- කෙසෙල්වත්ත පොලිස් වසම
- මරදාන පොලිස් වසම
ග්‍රාම නිලධාරී වසම්
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
- කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
- වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස
- බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත
- වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජයනා ක්‍රමය
හෙට(28) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරන ප්‍රදේශ
- කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ බටහිර ග්‍රාම නිලධාරී වසම
- කෙසෙල්වත්ත පොලිස් වසමේ අලුත්කඩේ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
හමුදාපති වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වනවිට හුදකලා කර ඇති අනෙකුත් ප්‍රදේශයන් නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා ප්‍රදේශ වශයෙන් පවතින බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
