විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 195ක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගතව සිරව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 195දෙනෙකු අද (28) දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව ඉන්දියාවේ රැඳී සිටි 18දෙනෙකු, කටාර් රාජ්‍යයේ රැඳී සිටි 16දෙනෙකු, අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි 150දෙනෙකු, මාලදිවයිනේ රැඳී සිටි 05 දෙනෙකු, පකිස්තානයේ රැඳී සිටි 04දෙනෙකු සහ සෞදි ආරාබියේ රැඳී සිටි 02දෙනෙකු මෙලසෙ දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් සියළුදෙනා PCR පරීක්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
