දේශීය

මහර ගැටුමේ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අධිකරණ අමාත්‍යවරයාට භාර දී තිබේ.

එහි නිර්දේශ 13ක් ද ඇතුලත් බව වාර්තා වන අතර අදාළ වාර්තාව කමිටුවේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසින් අමාත්‍යවරයාට භාර දී තිබේ.

මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් පසුගිය නොවැම්බර් 29 වනදා මෙම කමිටුව පත් කරනු ලැබිණි.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන නීතීඥ යූ.ආර් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර ද එම අවස්ථාවට එක්ව තිබේ.

මෙම කමිටුවේ අතුරු වාර්තාවක් ද පසුගිය 7 වනදා අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දී තිබුණු අතර අදාළ කමිටුව වෙත අධිකරණ අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබුණේ මාසයක් තුළ මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

බන්ධනාගාර තදබදය අවම කිරිමට මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 8,500ක පමණ රැඳවියන් සංඛ්‍යාවක් ඇප මත නිදහස් කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *