දේශීය

බස්නාහිරින් පිටවීමට ගිය තවත් 13කට කොවිඩ්

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.

දෙසැම්බර් මස 18 වන දින සිට මේ දක්වා කාලය තුළ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ආසාදිතයින් 74 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

එලෙස හඳුනාගත් ආසාදිතයින් සියලු දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 377 දෙනෙකු පමණ නිරෝධායන ක්‍රියාවලියට යොමු කර තිබේ.

ඒ අනුව මේ දක්වා පුද්ගලයින් 10,986 දෙනෙකු බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවලදී අහඹු කොරෝනා පරීක්ෂාවන්ට ලක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *