විදේශීය

චීන කොවිඩ් එන්නතට අනුමැතිය හිමි වෙයි

චීනය විසින් තම රටෙහි නිපදවනු ලැබූ පළමු කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

එම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ චීන රජය සතු විශාලතම ඖෂධ සමාගම වන සිනෝෆාම් සමාගමින් වන අතර ජනතාවට එම එන්නත නොමිලයේ ලබාදෙන බව එරට බලධාරීන් පවසයි.

තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව හදුනාගැනීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.

දෙසැම්බර් 15දා සිට චීනය එරට ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා එන්නත් මාත්‍රා මිලියන 3කට වඩා ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ සෙන්ග් යික්සින්  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *