දේශීය

බස්නාහිරින් පිටවීමට ගිය තවත් කොවිඩ් ආසාදිතයන් 16ක් හඳුනා ගැනේ

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේ දී සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් ඊයේ (30) දිනයේ දී 16 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ ස්ථාන 11ක දී සිදුකරනු ලැබු පරීක්ෂණ 940ක් අතරින් එම ආසාදිතයින් හඳුනාගත් බවයි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් 18 වන දින සිට බස්නාහිරින් පිටව යන පුද්ගලයින්ගේ සිදුකරනු ලැබු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් 195 දෙනෙක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ඒ අනුව හඳුනාගෙන ඇති මුළු සමීප ආශ්‍රිතයින් සංඛ්‍යාව 572කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *