දේශීය

සා.පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 01වන දා සිට

2020 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ (O/L Exam) සෞන්දර්යය විෂයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ එළඹෙන දෙසැම්බර් මස 01 වැනි දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් 11 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පැවසුවේය.

මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේ කාල සීමාව ද අද (10) සිට එළඹෙන 20 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල ප්‍රමාණයක් නැවත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව සලසන ලෙසට සිදු කරන ලද ඉල්ලීම් හේතුවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීමේ කාල සීමාව දීර්ඝ කළ බව විභාග දෙපර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව මාර්ගගත (Online) ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම වන “DoE”වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ අයැදුම් පත්‍ර යොමු කළ හැක.

අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) හා මුරපද (Password) භාවිතයෙන් අයැදුම් කළ යුතු වේ.

පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයැදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතුවන අතර එහි මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?