දේශීය

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩඅංගුවට

කරදියනාරු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය සන්තකේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකේ තිබී වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කූරු 700ක්, ඇමෝනියම් නයිට්‍රේට් කිලෝ ග්‍රෑම් 500ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මීට අමතරව සේවා නූල් ඇතුළු උපකරණ තොගයක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *