දේශීය

මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින්ට අද සිට PCR පරීක්ෂණ

අද (05) දිනයේ සිට මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව PCR පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් සියළුදෙනා සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සහ මුහුණු ආවරණ පැළඳ නොසිටීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මස 30වනදා සිට මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 2,172 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ  මුහුණු ආවරණ නොපළඳින සහ දුරස්තභාවය පවත්වා නොගන්නා පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *