තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු හෙට සිට යළි අරඹෙයි
තාවකාලිකව අත්හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු හෙට (09) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ්-19 දෙවන රැල්ල හේතුවෙන් සමථ මණ්ඩලවල පැමිණිලි විභාග කිරීමේ කටයුතු පසුගිය සැප්තැම්බර් මස සිට නතර කළ බව අධිකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
එහෙත් මේ වන විට එම තත්ත්වය පහව යමින් ඇති බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රිමවේදයන්ට අනුව අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල සමථ මණ්ඩල කටයුතු ආරම්භ කිරීමට සමථ මණ්ඩල කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රිමවේදයන්ට අනුව පැමිණිලි විභාග කිරීම හා සමථ මණ්ඩල කටයුතු පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව සමථ නිලධාරින්ට හා දිවයින පුරා සමථ මණ්ඩල සභිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සමථ මණ්ඩල කොමිෂන් සභාව පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
