දේශීය

සෑම බස් රථයකම ඇතුළත බස් රථයේ අංකය සඳහන් කරන්න – පොලිස්පති

සෑම බස් රථයකම ඇතුළත ස්ථාන කිහිපයකම බස් රථයේ අංකය සටහන් කරන ලද දැන්වීමක් ප්‍රදර්ශනය කිරිමට කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා බස් රථ හිමිකරුවන්ගෙන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටි.

පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බස් රථයේ ගමන් කරන මගීන් එම බස් රථයේ අංකය නිරන්තරයෙන් සටහන් කර තබා ගන්නා ලෙසයි.

පවතින කොවිඩ් වෛරස තත්ත්වය හමුවේ යම් කිසි බස් රථයකින් වෛරස ආසාදිතයෙක් වාර්තා වුවහෝ අදාළ බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් තහවුරු කර ගැනීමට මෙය පහසුවක් වන බව පොලිස්පතිවරයා පැහැදිළි කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *