ගව වෛරස තත්ත්වය පිළිබඳ වාර්තාවක් අවශ්‍යයි – අමාත්‍ය ඩී.බී. හේරත්
මෙරටින් ප්‍රථම වතාවට හඳුනාගත් ගව වෛරසය රෝගයට මේ වන විට ගවයින් 7,500 කට අධික සංඛ්‍යාවක් ගෙදුරු වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය වසරේ සැප්තැම්බර් මස තුළදී හඳුනාගත් මෙම වෛරසය රෝගය තත්ත්වය මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ව්‍යාප්තව ඇති බව වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා පැවසුවේය.
මෙම වෛරස තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් 07 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පත් කර ඇති කමිටුවට දැනුම් දී ඇත්තේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් සතියක් ඇතුළත ලබා දෙන ලෙසය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
