පරාක්‍රම සමුද්‍රයේ ඇළකට බස් රථයක් පෙරලෙයි
අද (09) උදෑසන පොළොන්නරුව, ලංකාපුර – කැගලුගම ප්‍රදේශයේදී ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සඳහන් කළේ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පරාක්‍රම සමුද්‍රයේ අතු ඇළකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහි සිටි පුද්ගලයින් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිනකාර කිරීම සඳහා පොළොන්නරුව මහරෝහලට හා පුලතිසිගම රෝහලට ඇතුළත් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
