දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 47,305 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (08) තවත් නව ආසාදිතයින් 524 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

මේ වන විට සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 40,317 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල් තුළ වෛරස ආසාදිතයින් 6,482 ක් ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ වාර්තා වූ මරණ 03 ත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 225 දක්වා ඉහළ යන ලදි.

කොවිඩ් වෛරසයට ගොදුරුවන ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්ත අනුව ලොවපුරා ඇති රටවල් පෙලගස්වා ඇති අතර එම ලැයිස්තුවේ 95 වන තැන ශ්‍රී ලංකාව සිටි අතර මේ වන විට 96 වන තැන ශ්‍රී ලංකාව සිටී.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *