විදෙස් සංචාරකයින් ගෙන්වීම යළි සලකා බැලීමට සිදුවනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව විදෙස් සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ නම් සංචාරකයින් ගෙන්වීම පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුතුවලට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
එහෙත් සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට අදාළව ඕනෑම අවස්ථාවක සෞඛ්‍ය උපදෙස් ලබා දීමට අමාත්‍යාංශය සුදානම් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සංචාරක අමාත්‍යාංශය මගින් අදාළ කටයුතු පූර්ණ අධීක්ෂණයකට ලක් කෙරෙන බවයි වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.
Please follow and like us: