විදේශීය

රටවල් කිහිපයක සංචාරකයින්ට එංගලන්තයෙන් තහනමක්

රටවල් කිහිපයකින් තම රටට සංචාරකයින් පැමිණීම එක්සත් රාජධානිය විසින් තහනම් කර තිබේ.

ඒ අනුව දකුණු ඇමෙරිකාව, කේප් වර්ඩේ, සහ පෘතුගාලය යන කලාප සහ රටවල් වලින් සංචාරකයින් පැමිණීම නවතා දැමීමට එක්සත් රාජධානි බලධාරීන් ක්‍රියාකර තිබේ.

ඒ බ්‍රසීලයෙනුත් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් හමුවී ඇති බවට වාර්තා පළවීම හේතුවෙනි.එම නව ප්‍රභේදය ද වේගයෙන් පැතිරෙන බවට අදහස් පළ වේ.

අමාත්‍ය ග්‍රාන්ට් ශේප්ස් සඳහන් කළේ බ්‍රසීලයෙන් හඳුනාගත් කොවිඩ් වෛරස් ප්‍රභේදය තවමත් එක්සත් රාජධානියට පැමිණ නොමැති බව තමා අනුමාන කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *