දේශීය

කොස්ගොඩදී ලැටීගේ මත්ද්‍රව්‍ය බෙදූ බස් රියදුරු අත්අඩංගුවට

අද (15) උදෑසන ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්විය.

ලද තොරතුරක් මත කොස්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන 5.30ට පමණ කළ වැටලීමකදී ප්‍රවාහනය කරමින් තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

අදාළ බස් රථය ධාවනය කළ 27 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බස් රථය ධාවනය කරන අතරතුර විවිධ ස්ථානවලදී මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට තොරතුරු ලැබී ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාවරම ඉන්දියාවේදී මිය ගිය බවට සඳහන් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන ලැටී නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර සැකකාර රියැදුරු අද බලපිටිය අධිකරණය‌ වෙත ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *