Latestදේශීය

IMF ගැන එදා රනිල් බැසිල් රන්ඩු කළා – ලක්ෂ්මන් කිරිඇල්ල

‘ජනාධිපතිතුමා මේ පැත්ත ඉන්නකොට හැමදාම කිව්වා අයි,එම්,එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා . සර්ව පාක්ශික සමුළුවට ගියපු වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග මේ සම්බන්ධයෙන් රණ්ඩු වුණා ගිවිසුම දෙන්න කියලා.අපිත් සහයෝගය දෙන්න කැමතියි.21 ට ඡන්දය දුන්නේ ඒකයි’ යයි විපක්ශයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ශ්මන් කිරිඅල්ල මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

‘අද අපේ රට බංකොලොත්,රට බංකොලොත් උනාම ඉබේම මිනිස්සු බංකොලොත් වෙනවා,එතකොට හිරගෙවල් පවා පිරෙනවා.මේක තමයි අද රටේ තියෙන තත්ත්වය.ඇත්ත වශයෙන්ම මේ අයට පොදු සමාවක් ලබා දෙන්න ඕනේ.මහේස්ත්‍රාත්වරුන් ට උපදෙස් ලබා දෙන්න ඕනේ සුළු සුළු වැරදි කරන අය නිදහස් කරන්න කියලා.අද රටේ තියෙන තත්ත්වය මත අපරාධ වැඩි වෙලා. හේතුව තමයි දුප්පත් කම.

ඇත්ත වශයෙන්ම අපේ රට බංකලොත් කරපු ආණ්ඩුවකට නැවත රට ගොඩගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා.2019 අපි රට භාර දෙන කොට ඇමෙරිකානු ඩොලර් මිලියන 7900 සමගයි රට භාර දුන්නෙ.දැන් ඒක බිංදුවට බැහැලා.රස්සාවල් නැතිවෙලා.අද ඩොලර් නෑ රුපියලුත් නෑ.අද දුප්පත්කම නිසා සිරගෙවල් පිරෙනවා.ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තු කල් ඉකුත් වූ පාර්ලිමේන්තුවක්.කිසිම ජවයක් නෑ.ඇමතිවරු කීදෙනාද ඉන්නේ?

පළාත් පාලන මැතිවරණය අභියස අපි ඉන්නේ.මම දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට පණිවිඩයක් යැව්වා, අද මම එතුමාගේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කමිටුව ගැන කතා කරනවා ඉන්න කියලා.නමුත් එතුමා ආවේ නෑ.2012 මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා පත් කළා.යහපාලන ආණ්ඩුව අපිත් කිව්වා එතුමාට ඒ වැඩේ කරගෙන යන්න කියලා.ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවමත් ඒ වැඩේ කරගෙන යන්න කියලා කිව්වා.අවුරුදු 10ක් ගත වුණා. 2012 වසරේදී 2000 තිබුණ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංඛ්‍යාව 4000 කලේ එතුමා.යහපාලන ආණ්ඩුවෙන් ඒක 8000 කෙරුවා.8000 කරල දැන් කියනවා ගාන වැඩියි කියලා.විපක්ෂයක් හැටියට අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න සූදානම්.අපි සහයෝගය දුන්න නිසා තමයි 21වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනේ.නැත්තම් සම්මත වෙන්නේ නෑ.හතලිස් අටේ සිට ආණ්ඩු ගනනාවක් තිබ්බා එක ආණ්ඩුවක් වත් රට බංකොලොත් කළේ නෑ.ලොකයේ පසුගිය වසර 100 ඇතුලත රටවල් 7යි බංකොලොත් කියලා ප්‍රකාශ කලේ.ලැජ්ජ නැද්ද ?

මම හැමදාම ස්වාධීන කොමිශන් වෙනුවෙන් ,අධිකරනයේ නිදහස වෙනුවෙන්,ස්වාධීනත්වය වෙනුවෙන් ඡන්දය දුන්නා.17ට ඡන්දය දුන්නා,18 ට විරුද්ධ වුනා,19ට දුන්නා,20ට විරුද්ධ වුණා.සමහර අය ඉන්නවා හතරටම ඡන්දය දුන්නා.ස්වාධීන කමිෂන් ඇති කරන්නත් ඡන්දය දුන්නා නැති කරන්න ඡන්දෙ දුන්නා සමහරක් අය.20 වන් සංශෝධනය ඉදිරිපත් කරද්දි අලි සබ්රි මැතිතුමාට කිව්වා ඇයි මේක ගෙන්නේ කියලා?එතුමා මහා උජාරුවෙන් ඒ කාලේ හිටියේ.අපි කියන ඒවා ඇහුවේ නෑ.මම සංශෝධන හතලියක් ඉදිරිපත් කෙරුවා.එකක්වත් පිළිගත්තෙ නෑ.මොකද එතුමා ඒ කාලේ බලෙන් පත්වෙලා හිටියේ.අවසානයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ගිහිල්ලා හොදට අහගත්තානේ?

මානව හිමිකම් ප්‍රශ්නය අපට හැමදාම තිබ්බා.දැන් මේ සැරේ ආර්ථික අපරාධ , අධිකරණ ඇමතිතුමා මොනවද මේ ආර්ථික අපරාධ?එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුව ආර්ථික අපරාධ කරලා තියෙනවා කියලා පිළි අරගෙන තියෙනවා.මේ අවුරුදු තුනේ පිස්සු කෙලියේ.දැන්වත් මේක දාලා යන්න.අපි ජනාධිපතිතුමාට දොස් කියන්නේ නෑ,මොකද එතුමා නෙමෙයි මේකට වගකියන්න ඕන.එතුමන් අපිත් එක්ක නේ හිටියේ.ආණ්ඩුවට මේ රට පාලනය කරන වරමක් නෑ.කරන්න ඕන ඔක්කොම කරලා ඉවරයි.වෙන මොනවද විනාශ කරන්න තියෙන්නේ?

21ට අපි ඡන්දය දුන්නා,ස්වාධීන කොමිෂන් ඇති කරල තියෙනවා.දැන් අපිට පේනවා මානව හිමිකම් කොමිසමට , මැතිවරණ කොමිසමට , බලපෑම් කරනවා අපිත් ආණ්ඩුවල හිටියා අපි දන්නවා බලපෑම් කරන හැටි.මම මැතිවරණ කොමිසමේ සභාපතිට කියනවා ඡන්දය තියන්න.එතුමාට බලපෑම් කරන්න කාටවත් අයිතියක් නෑ.බෞද්ධ කියමනක් තියෙනවා උපන්දා සිට කළ පව් නැත වරක් වැන්දොත් කැළණියේ.කිසි කෙනෙකුට බය නොවී මේ ඡන්දය තිබ්බොත් එතුමා ඉතිහාසයට එක් වෙනවා.අද රටේ ජනතාව ඡන්දයක් ඉල්ලනවා.ඡන්දයකට පිපාසයෙන් ඉන්නේ.සමගි ජන බලවේගය අපි මැතිවරණයකට සූදානම් වහාම ඡන්දයක් තියන්න.ජනධිපති පැනලා ගියා,අගමැති පැනලා ගියා,කැබිනට් මණ්ඩලය අස් වුණා,මොන ආණ්ඩුවක් ද මේක?

ලබන සතියේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන එකඟතාව තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නෑ.අපි කොහොමද අයවැයට කතා කරන්නේ?මොනවද බදු?මොනවත් අපි දන්නෙ නෑ.ජනාධිපතිතුමා මේ පැත්ත ඉන්නකොට හැමදාම කිව්වා අයි,එම්,එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා . සර්ව පාක්ශික සමුළුවට ගියපු වෙලාවේ බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග මේ සම්බන්ධයෙන් රණ්ඩු වුණා ගිවිසුම දෙන්න කියලා.අපිත් සහයෝගය දෙන්න කැමතියි.21 ට ඡන්දය දුන්නේ ඒකයි.

අපි දන්නවා රටේ ප්‍රශ්නයක් තියෙනවා.නමුත් මේ වෙන වැඩ හින්දා අපිටත් විශාල සැකයක් මතුව තියෙනවා .ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අය ලංකාවට ආවම ඒ අය මොකද්ද කිව්වේ? ජන මතය විමසන්න කියලයි කිව්වේ.ආණ්ඩුව ජන මතයට පරස්පර විරෝධී දේවල් කරන්නේ .ජනවරමක් ගන්න ජනවරමක් තුළින් සහයෝගය දෙන්න අපි සූදානම්’

– මාධ්‍ය ඒකකය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *