පිළියන්දලදී යතුරුපැදි රේස්කරුවන් පිරිසක් අත්අඩංගුවට
ඊයේ (14) සවස පිළියන්දල ප්‍රදේශයේදී අධික වේගයෙන් විනෝදාස්වාදය සඳහා යතුරුපැදි ධාවනයේ නිරත වූ පිරිසක් පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගත් පිරිසට 12 දෙනෙකු ඇතුළත් අතර ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 18ත් 25ත් අතර වයස්වල පසුවන්නන් ය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම යතුරුපැදි සියල්ල පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන්ට එරෙහිව නඩු පවරන බවයි.
මෙවැනි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
