Latestදේශීය

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙක් පැන යයි

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙක් පළාගොස් ඇත.

ඊයේ (19)  රාත්‍රියේ (7.30) පමණ මෙම පුද්ගලයා එම මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බව වාර්තා වේ.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු 43 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ඡායාරූපයේ සඳහන් මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් අත්නම් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටී.

වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 071 859 11 38 
හදිසි ඇමතුම් – 119 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *