වලපන ප්‍රදේශයේ භූ කම්පනයක්
වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (22) සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ අද අලුයම 3.30 ට පමණ රිච්ටර් මාපකයේ ඒකකය 1.8ක ප්‍රබලත්වයකින් යුක්තතව මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇති බවයි.
අනුර වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම භූකම්පනය මහකනදරාව, පල්ලේකැලේ සහ හක්මන භූ කම්පන මානවල සටහන්ව ඇති බවිය.
එසේම වියලුව ඇකිරිය ගම්මානයට ද මෙම භූ කම්පනය දැනී ඇති බව එම ගම්මානයේ ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ..
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
