දේශීය

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි

හුදකලා කෙරුණු ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුළ හෙට (25) සිට අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘත වීමට නියමිතය.

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසල් 907 ක් හෙට සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

හෙට සිට බස්නාහිර පළාත හැර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වීමට ද අවසර හිමිවී ඇති අතර සෙසු ප්‍රදේශවල උපකාරක පන්ති නියමකර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට අවසර ලබා දී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ.

උපකාරක පන්ති පැවැත්වීමට අදාළ කරුණු ඇතුළත් චක්‍රලේඛය පසුගිය 16 වනදා නිකුත් කෙරුණි.

ඒ අනුව උපකාරක පන්තියකට සහභාගී කරගත හැක්කේ අසුන් ගැනීමට තිබෙන ආසන සංඛ්‍යාවෙන් සියයට 50ක ප්‍රමාණයක් හෝ උපරිම ළමුන් 100 දෙනෙකු දක්වා පමණක් බව අදාළ චක්‍රලේඛයෙන් නිර්දේශකර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කළේ උපකාරක පන්ති මෙවර විභාගයට පෙනී සිටින අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා පමණක් විවෘත කරන ලෙස ඉල්ලා සිටින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *