පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට
පානදුර පල්ලෙමුල්ල ප්‍රදේශයේදී අද (25) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ.
උදෑසන 10.00 ට පමණ සිදු වූ මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා පානදුර රෝහලට ඇතුළත් කළ ඇති අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මියගොස් ඇති පුද්ගලයා තවත් අයෙකු සමග ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.
පොලීසිය වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී පතොරම් කොපු 4ක් ද සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
