දේශීය

මීටියාගොඩදී තරුණයෙකු ඝාතනය කෙරේ

ඊයේ (25) සවස 6.45ට පමණ මීටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසල දී තියුණු ආයුධවලින් පහරදී  පුද්ගලයකු ඝාතනය කර ඇත.

සිද්ධිය  සම්බන්ධ විමර්ෂණය කළ පොලීසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මීටියාගොඩම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

පහරදීම සිදුකළ පුද්ගලයින් විසින් ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ එක් අතක් වෙන්වන සේ කපාගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මක කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *