නීති විරෝධීව පස් කැපූ 7දෙනෙක් අත්අඩංගුවට
දැදුරු ඔය ජලාශය අසල රක්ෂිතයේ නීති විරෝධී ලෙස පස් කැපීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම වැටලීම සිදු කර ඇත.
වැටලීමේදී පස් කැපීමට භාවිත කළ ටිපර් රථ 6ක් සහ ස්කැවේටර් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ජලාශ රක්ෂිතයෙන් කපන ලද පස් එම ප්‍රදේශයේම සෝදා වැලි නිෂ්පාදනය කරන ස්ථානයකට රහසිගතව ප්‍රවාහනය කරන බවට ලැබූ තොරතුරු මත වැටලීම සිදු කළ බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ.
සැකකරුවන් සන්තකයේ තිබී පස් කැපීමට බලපත්‍රයක් සොයා ගැනුණ ද එය ව්‍යාජ එකක් බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
දැදුරු ඔය ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා සඳහන් කළේ ජලාශ රක්ෂිතය තුළ පස් කැපීමට කිසිදු ආකාරයක බළපත්‍රයක් තම කාර්යාල නිකත් කර නොමැති බවයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
