පේරු රාජ්‍යයේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වැසේ
කොවිඩ් වෛරස ව්‍යාප්තියේ වර්ධනය හේතුවෙන් පේරු රාජ්‍යයේ අගනුවර ඇතුළු ප්‍රාන්ත 10ක් වසා දැමීමට පේරු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
එරට ජනාධිපති ෆ්රැන්සිස්කෝ සාගස්ති මහතා නිවේදනය කර ඇත්තේ, පෙබරවාරි 14 දක්වා මෙම Lockdown කිරීම ක්‍රියාත්මක කරන බවයි.
අත්‍යාවශ්‍ය නොවන සියලුම සාප්පු, ගුවන් ගමන් අත්හිටුවීමට ද තීරණය කර ඇති අතර නව වෛරස් ප්‍රභේදය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා යුරෝපයේ සහ බ්‍රසීලයේ සිට පැමිණෙන ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.
එසේම ජනතාවට නිවසේ සිට තම රාජකාරී කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
මේ වන විට පේරු රාජ්‍යයෙන් සමස්ත වෛරස ආසාදිතයින් 1,107,239 දෙනෙකු වාර්තාවී ඇති අතර ඉන් පුද්ගලයින් 1,022,737 සුවය ලබා ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 44,396 කි.
කොරෝනා වෛරසයෙන් මිදීමට එන්නත්කරණ වැඩසටහන ලබන පෙරවාරියේ ආරම්භ කළ හැකි බව පේරු රාජ්‍ය ජනාධිපතිවරයා පවසා තිබේ.
ඒ අනුව ඇණුවුම් කළ Sinopharm එන්නත් මාත්‍රා මිලියන 38න් මාත්‍රා මිලියනයක් ඉදිරියේදී පේරු රාජ්‍යයට ලැබීමට නියමිතව ඇති බව ද විදෙස් ආරන්චි මාර්ග වාර්තා කර ඇත.