ගබ්සාව නීතිගත කිරීමට ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පක්ෂව ඡන්ද 131 ක්
ආජන්ටිනා පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය ගබ්සාව නීතිගත කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පතට අනුමැතිය ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ගබ්සාව නීතිගත කිරීමට අදාළ පනත ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩර්ස් විසින් යෝජනා කර ඇති අතර ගැබ්ගෙන 14 වන සතිය දක්වා ගබ්සාවන් සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස එම පනතේ සඳන්ව ඇති බව වාර්තා වේ.
මෙම පනත සදහා පහළ මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 131 ක් පක්ෂවත්, ඡන්ද 117 ක් විරුද්ධවත් හිමිව ඇති අතර මෙම යෝජනාව නීති ගත නිරීමට නම් ආජන්ටිනා පාර්ලිමේන්තුවේ සෙනෙට් සභාවේ හෙවත් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබීම අවශ්‍ය වේ.
මෙම වර්ෂය අවසන් වීමට පෙර ඊට අදාළ ඡන්ද විමසීම ද සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
