දේශීය

අද සහ හෙට දුම්රිය ධවනය වන අයුරු

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (12) සහ හෙට (13)  දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගය ඇතුලූ සියලූ දුම්රිය මාර්ග ආවරණය වන ආකාරයට දුම්රිය ධාවනය කිරීමට  තීරණය කර ඇත බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

එම මහතා වැඩි දුරටත් සඳහන් කළේ ලබන සඳුදා දිනයේ සිට සියලු කාර්යාල දුම්රියන් ධාවනය කිරීමට ද පියවර ගන්නා බවයි.

සති අන්තයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති අතර, මහනුවර සිට එක් දුම්රියක්, රඹුක්කන සිට එක් දුම්රියක්, පොල්ගහවෙල සිට එක් දුම්රියක්, උතුරු මාර්ගයේ මහව සිට එක් දුම්රියක්, පුත්තලම් මාර්ගයේ හලාවත සිට දුම්රිය දෙකක්, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ලේ සිට එක් දුම්රියක් හා මුහුදුබඩ මාර්ගයේ ගාල්ලේ සිට දුම්රියකුත් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බව ඩිලන්ත මහතා සඳහන් කළ අතර, දුම්රියන් සවස් වරුවේ නැවත අදාළ ගමනාන්ත වෙත යොමු කිරීමටත් අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවත් ඔහු ප්‍රකාශ කරන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *